Monday, October 27, 2008

ලේන් පැටියා......

පරිඝණකය ඉස්සරහ වාඩි වෙනකොටම කුරුල්ලො කෑගහන්න පටන් ගත්ත.මම කරන්න පටන් ගත්ත වැඩේ පැත්තකට දාල ගියා මොකද කියල බලන්න.ගෙදර ඉන්න බල්ල ලේන් පැටියෙක් අල්ලගෙන.ඉක්මනින් ලේන් පැටියව බේර ගෙන වතුර ටිකක් දීල පොඩි වෙලාවක් තියාගෙන හිටිය.ඌ බයෙන් ගැහෙනව.කකුළ කුත් තුවාල වෙලා.ටික වෙලාවකින් ඌ ඇග දිගේ දුවන්න පටන් ගත්ත.ඊට පස්සෙ ගහකින් තියපු ගමන් ඌ දුවන්න පටන් ගත්ත.ඒ වෙලාවෙ නම් ගොඩක් සතුටු උනා.කාලෙකින් ඒ වගේ පිනක් කර ගන්න හමබ වුන නිසා.ලේන් පැටියව මතක් වෙන්න මම පොටෝ දෙකක් ගත්ත මේ තියෙන්නෙ ඒව.දකින හැම වෙලාවෙම ගොඩක් සතුටක් දැනෙනව.