Monday, December 1, 2008

අන්තර්ජාලයේ අසැබි වෙබ්අඩවි වලට වැට බැදීම

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය 2009 ජනවාරි පලමු දින සිට සියලුම අසැබි වෙබ්අඩවි අවහිර කරන්න යනව කියල දැනගන්න ලැබුන.එය අප අගය කළ යුතුයි.එමෙන්ම මෙවැනි නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව අප ජනපතිතුමන්ටද ස්තූතිය පළකල යුතුයි.එවැනි අඩවි තුලින් සමාජයට වන හානිය මින්පසු බොහෝ දුරට අඩුවේවි.මේ පිළිබඳව ඔබේ අදහස්ද එකතු කරන්න.

Monday, October 27, 2008

ලේන් පැටියා......

පරිඝණකය ඉස්සරහ වාඩි වෙනකොටම කුරුල්ලො කෑගහන්න පටන් ගත්ත.මම කරන්න පටන් ගත්ත වැඩේ පැත්තකට දාල ගියා මොකද කියල බලන්න.ගෙදර ඉන්න බල්ල ලේන් පැටියෙක් අල්ලගෙන.ඉක්මනින් ලේන් පැටියව බේර ගෙන වතුර ටිකක් දීල පොඩි වෙලාවක් තියාගෙන හිටිය.ඌ බයෙන් ගැහෙනව.කකුළ කුත් තුවාල වෙලා.ටික වෙලාවකින් ඌ ඇග දිගේ දුවන්න පටන් ගත්ත.ඊට පස්සෙ ගහකින් තියපු ගමන් ඌ දුවන්න පටන් ගත්ත.ඒ වෙලාවෙ නම් ගොඩක් සතුටු උනා.කාලෙකින් ඒ වගේ පිනක් කර ගන්න හමබ වුන නිසා.ලේන් පැටියව මතක් වෙන්න මම පොටෝ දෙකක් ගත්ත මේ තියෙන්නෙ ඒව.දකින හැම වෙලාවෙම ගොඩක් සතුටක් දැනෙනව.


Monday, September 22, 2008

ඔබ වෙනුවෙන් අපි

දැනට මාස කීපයකට කලින් විශේෂ උත්සවයක් පැවැත්වුනා මාපාකඩ කියන ගමේ මට හිතුන ඒගැන යමක් ලියන්න.
මාපාකඩ කියන්නෙ මහියංගණයේ ඉදන් බදුල්ල/බිබිල මාර්ගයේ ටික දුරක් ගියාම හම්බ වෙන ගමක්.මේ උත්සවය පැවැත්වුනේ ප්‍රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට.මේ උපහාර උළෙල නම් කරල තිබුනෙ "ඔබ වෙනුවෙන් අපි" කියල.ප්‍රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට මාපාකඩ ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කරන්න මූලිකව කටයුතු කළේ මාපාකඩ පේමරතන හිමියනුයි.ඒ උන්වහන්සේගේ උපන් දිනය වෙනුවෙන්.මෙම උපහාර උළෙලේ විදෘශ්‍ය දර්ශන (video) ඔබට පහත වෙබ් ලිපිනයෙන් බලාගන්න පුලුවන්.

www.mapakada.magnify.net





Wednesday, September 10, 2008

වැස්ස ගැන

මේ දවස් ටිකේම හොඳට වහිනවා ඉතින් මට හිතුන වැස්ස ගැන යමක් ලියන්න.

වැස්ස එක දිගට වහිනකොට මිනිස්සු කියන්නෙ "මොන කරදරයක්ද වහිනව වහිනව ඉවරයක්නෑ මොනවට වහිනවද කියල"
ඒත් එක දිගට සෑහෙන කාලයක් වැස්ස නැතුව පෑවුවොත් මිනිස්සු කියන්නෙ "වහින්නෙත් නෑ මොනවට මෙහෙම පායනවද කියල"
ගොඩක් වෙලාවට මෙහෙම කියන්නෙ වැස්ස අපට අවශ්‍ය දෙයක් නිසයි.එ වගේම තමයි එක දිගට වහින්න පටන් ගත්තොත් ගොඩක් කරදරයි.
ඒත් දැන් තියෙන කරදර ගොඩක් ඇතිකරගන්නෙ අපිමයි.පොඩ්ඩක් හිතල බලන්න.මාර්ගය දෙපස ඇති කානු පද්ධතිය දිහා.පොඩි වැස්සකටත් ඒව උතුරනව නේද?.හිතල බලන්න ඒකට වගකියන්න ඕන අපිම නේද?.තව දෙයක් තමයි පහත් බිම්(වගුරුබිම්) ගොඩකරන එක.වැහි වතුර ගලාගෙන ගිහිල්ල එකතු වෙන්නෙ වගුරු බිම් වලට නේද?.ඉතින් ඒ වගුරුබිම් ගොඩ කළාම වැහි වතුර ගලාගෙන ගිහින් රැදෙන්න තැනක් නැති වෙලා පහත් බිම් යට වෙනව.

එ වගේම තමයි කඳුකර ප්‍රදේශවල සිදු කරන වනාන්තර ගිණිතැබීම,ගස් කැපීම වැනි ක්‍රියාවන් නිසා නාය යාම්, දිය උල්පත් සිදී යාම වැනි දේ සිදු වෙනව.ගලාගෙන එන රොන්මඩ ගංඟා/ඇළදොළ/වැව් වල තැන්පත් වෙනව.ඒ හේතුව නිසා ගංඟා ඉක්මනින් පිටාර ගලනව.මේ දේවල් නවත්තන්න හැමෝම එකතු වෙන්න ඕන.හැමෝම එකතුවෙලා මේවට එරෙහිව නැගීහිටියොත් මේ දේවල් නවත්ත ගන්න අපට පුලුවන්.

සමාවෙන්න පටන්ගත්ත දෙයින් නෙමෙයි වෙන දෙයකින් ඉවර කළේ.......

ඔබ සිතන දේත් මෙයට එකතු කරන්න...

Thursday, September 4, 2008

GOOGLE CHROME


Google Chrome යනු ගූගල් වෙතුන් හඳුන්වා දෙන නවතම වෙබ් බ්‍රවුසරයයි.නිදහස් හා විවෘත්ත කේත වෙබ් බ්‍රවුසරයක් ලෙස ගූගල් සමාගම නිර්මාණය කර ඇත.
මයික්‍රෝසොෆ්ට් වින්ඩොස් සදහා මෙහි අනුවාදයක් 2008 සැප්තැම්බර් 03 වන දින භාෂා 43 කින් ගූගල් සමාගම විසින් නිකුත් කරනු ලැබීය.

එහි රූපයක්


භාගත කිරීමට
http://www.google.com/chrome ඔබන්න.

බ්ලොග් සටහන් සඳහා
http://blogoscoped.com/


ගූගල් ක්‍රෝම් (Google chrome) උපදෙස් හා උපක්‍රම :

  1. Control + Shift + N : Opens the famous “incognito” windows. Thanks to it you will be able to surf without leaving any footprint on your PC (cookes, history etc.)
  2. You can also open a website in an “incognito” window by right-clicking on a link and selecting: Open link in incognito window.
  3. Alt + Home : Loads your Google Chrome home page along with thumbnails of your most visited sites.
  4. Control + T : Opens a new Tab.
  5. Control + Shift + T : Opens your most recently closed tab. Press this key combination again to open the tab closed before the one you just opened.
  6. Control + 1, Control + 2, Control + 3, etc. : Lets you jump to different tabs.
  7. Control + Tabs : Lets you open tabs in order.
  8. As in Fireofx 3, you can drag a link onto a tab to it , or drop it between two tabs to open a new tab.
  9. Control +B : Hides or shows the bookmark’s bar.
  10. Control + H : Opens the History page.
  11. Control + J : Opens the download page.
  12. To delete an item from the download page, right-click on the selected item and click Remove.
  13. Right-click the top of the browser window, select Task manager to find out how much memory tabs and plug-ins are taking from your computer to work. Select one of them and click End process to stop it running.
  14. About:plugins (write it in the address bar): Lets you see what plug-in you are using.
  15. About:crash (write it in the address bar): Lets you see what a crashed tab looks like.
  16. To know more information about Google Chrome you can also type in the address bar the following commands: about:stats, about:network, about:histograms, about:memory, about:cache, about:dns, about:internets.
  17. To delete all of your data stored into Google Chrome: click the Tools icon and select Clear browsing data…
  18. Shift + Escape: Lets you bring up the Google Chrome Task manager.

Monday, September 1, 2008

මහියංගණය පළමුවන කොටස

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ මහියංගණය පිළිබඳ මා තබන සටහනකි.
බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් මාස නමයකට පසු උදාවූ දුරුතු පොහොය දින මහියංගණයට වැඩම කළසේක.ඒ යක්ෂ ගෝත්‍රිකයින් දෙපිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් දැක එය සමතයකට පත් කිරීම උදෙසාය.එබඳු ඉතා දීර්ග ඉතිහාසහක් ඇති ප්‍රදේශයක් ලෙස මහියංගණය හැදින්විය හැකිය.
ඔබට මහියංගණයේ ඉතිහාසය පිළිබඳ තවත් විස්තර දැනගන්න මෙම අඩවිය නරඹන්න.
http://www.lankalibrary.com/heritage/temples/mahiyangana.htm

මහියංගණය රජමහා විහාරය


බුද්ධගයාව (මහියංගණය)


සොරබොර වැව (කි.මී. 2)


දඹාන (කි.මී.17)



ප්‍රධාන නගර වල සිට ඇති දුර ප්‍රමානයන්
කොළඹ සිට කි.මී. 187 ක් ද,
මහනුවර සිට කි.මී. 72 ක් ද,


මාර්ග
A26 මහනුවර-පදියතලාව මාර්ගය

Sunday, August 31, 2008

Geo IP Tool


මෙමඟින් ඔබට IP Address එකක් ඇතුලත් කිරීමෙන් එම IP Address එකට අඳාල රට,එම රටට අයත් සංකේතය,ඇමතුම් සංකේතය.එම රටෙහි පිහිටීම ඇතුලත් Google සිතියමද නැරඹිය හැකිය.

http://www.geoiptool.com


භූත ආත්ම ගැන යමක්

භූත ආත්ම,අවතාර ගැන මට හොයන්න මට ආශාවක් ඇති උනා ඒ හින්ද ඒ ගැන යමක් කියන්න හිතුන.හැබැයි මම අන්තර්ජාලයෙන් විතරයි ඒ ගැන හොයල බැලුවෙ.ඒව විශ්වාස කරන්න අමාරු උනත් සමහර දේවල් ගැන සැක හිතෙනව.ඒ වගෙ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපහක් මෙයට ඇතුලත් කරන්නම්.ඒ ටික බලල ඔයාල හිතන දේවල් සටහන් කරන්න.














මගේ බ්ලොග් එක.

ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත.මම ලියන බ්ලොග් සටහන්වල අඩුපාඩු තියෙනව නම් ඒව පෙන්නල දෙන්න.මම අලුත් සාමාජිකයෙක් නිසා බ්ලොග් ලිවීම සම්බන්ඳව දැනුම අඩුයි.මම මේකට නම දැම්මෙ මගේ අදහස් කියල.