Monday, March 23, 2009

ලෝක ආර්තික අර්බුදය සහ ධනවතුන්...

පසුගිය වසරේදී ලොව කෝටිපතියන් අතර ඉදිරියෙන් සිටි බොහෝ දෙනෙක් ලෝක ආර්තික අර්බුදය සමග පහත වැටී ඇත.


මේ වන විට ලෝක ධනවතුන්ගේ ලේඛනයේ ඉදිරියෙන් සිටින්නේ බිල් ගේට්ස්ය ඒ ඔහු ඩොලර් බිලියන 18ක අලාබයක් ලබමිනි.

මේ අතර දෙවන ස්ථානයට පැමිණ සිටින්නේ ගියවර පළමු ස්ථානයේ සිටි වොරෙන් බෆෙට් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමිනි.

ගියවර දෙවන ස්ථානයේ සිටි ස්ලිම් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමින් තෙවන ස්ථානයට පැමිණ ඇත.

ආයුබෝවන්.....

කාලෙකින් වැඩ පොඩ්ඩක් අඩුවුන හින්ද ඔන්න මම ආයෙත් ලියන්න පටන් ගන්න හදන්නේ.වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න.පුලුවන් වුන හැම වෙලාවෙම ලියන්නම්.

Sunday, March 22, 2009

හිතන්න යමක්....................


ඊසොප්ගේ උපමා කතා.........


එකිනෙකාට අසල්වැසියන් ලෙස ජීවත්වූ ගෙම්බෝ දෙදෙනෙක් වූහ.එකෙක් ජීවත් වූයේ ගෙම්බන් මහත්සේ ප්‍රිය කරන ඇති තරම් වතුර ඇති වගුරු බිමකය.අනෙකා ජීවත් වූයේ වැහි වතුරෙන් කුඩා දියකඩිති පිරී ගිය එක්තරා මාර්ගයක මදක් නොදුරෙනි.
මඩ වගුරේ වැඩියෙන් වතුර ඇති ස්ථානයේ සිටි ගෙම්බා අනෙකාට අනතුරු ඇඟවීමක් කරමින් තමා සමඟ එකට ජීවත් වීමට වගුරු බිමට එන්නැයි ඉල්ලීමක් කළේය.එහි බොහෝ පහසුකම් ඇතිබවත් ඊටත් වඩා ආරක්ෂාව අතින් ඉතාම වැදගත් බවත් පෙන්වා දුන්නේය.
එහෙත් මාර්ගයේ වැහි දිය කඩිතිවල සිටි ගෙම්බා එය ප්‍රතික්ෂේප කළේය.තමා කාලයක් පුරුදු පුහුණු වූ සැප පහසු ස්ථානය හැර ඒමට නොහැකි බව ඌ කීවේය.
දින කීපයකට පසු බඩු ප්‍රවාහනය කරන විශාල වාහනයක් මාවත දිගේ පැමිණි අතර දිය කඩිති තම වාස භූමිය කරගත් ගෙම්බා රථයේ රෝද අතරට හිරවී තදවී අවසන් හුස්ම හෙළුවේය.

ආරක්ෂාව සැප පහසුවට වඩා අගනේය........