Monday, June 25, 2012

යලි එන්නෙ කවදාද නුඹ මා සොයන්....


දුක දැනුනෙ හදවතට ඇයි මේ තරම්

ලංවෙන්න හැදුවාට ඇයි මේ රිදුම්

ලංවීලා සිටිකාලේ අමතකද දැන්

කිම නුඹගෙ සිත අද මා හැර ගිහින්

දුර යන්න හැදුවාට නුඹ මේ තරම්

යලි එන්නෙ කවදාද නුඹ මා සොයන්....

නුඹ ඒ හැමදේම අමතක කරල


අපි මේ මගේ කොයිතරන් ඇවිද යන්නට ඇතිද....

මොනතරන් දෙවල් කතා කරන්නට ඇතිද....

ඒත් නුඹ ඒ හැමදේම අමතක කරල

අද මාව තනිකරලා වෙනම ලොකයක්

හොයාගෙන ගිහින්....

ඔබට අදරය කල මා අද තනිව වේදනා විදිමි....


ආදරේ කලා මා නුඹට

ආදරේ කලා නුඹත් මට

නමුත් නුඹේ ආදරයත් අරන්

නුඹ අද ඈතකට ගිහින්...

කිසිම දිනක මා හැර නොයමී

දිවුරූ ඔබම අද මා හැර් ගිහින්....

ඔබට අදරය කල මා

අද තනිව වේදනා විදිමි....

Tuesday, August 9, 2011

පුංචි කතාවක් .......

ගොඩක් කාලෙකින් බ්ලොග් ඒකට මොකුත් ලියන්න බැරි උන නිසා මට හිතුන අද පොඩි කතාවක් ලියන්න.මේක කියවල ඔයාලගේ comments දාන්න.

මේ සිද්දිය සිද්ද උනේ යාලුවෝ දෙන්නෙක් අතර.දවසක් එක පිරිමි ළමයෙක් පරිගණකය දාගන්නවා ඊ-මේල් බලන්න එයාට මේල් එකක් ඇවිත් තියෙනවා ගැණු ළමයෙක්ගෙන් එයා ඒකට පිළිතුරු යවනවා ඔහොම ටිකෙන් ටික ඒ දෙන්න කතා මේල් වලින් ටික කාලයක් අදහස් හුවමාරු කරගන්නවා. දවසක් ඒ ගැණු ළමයගේ දුරකථන අංකය අර පිරිමි ළමය ඉල්ලනවා එයා එක දෙනවා ඔහොම ඔහොම දෙන්න කතා කරනවා.දවසක් ගැණු ළමයාගෙන් මේල් එකක් එනවා ලොකු විස්තරයක් දාලා. එයා කියනවා එයා දුන්න අංකය යාලුවෙක්ගෙ එයා මෙච්චර කාලයක් කලේ බොරුවක් එයා ගොඩාක් දුරකට යනවා කියල.ඒ අංකය දුන්න යාළුවා ගොඩක් හොදයි එයාව යාලුවෙක් කර ගන්න කියල. ඒත් අර පිරිමි ළමය එක ගණන් ගන්නනේ නෑ. අනිත් ගැණු ළමය එක්ක කතා කරනවා.ඔහොම කාලයක් ගෙවිලා යනකොට දෙන්න අතර මිතුරු කමට එහා ගිය ආදරයක් පටන් ගන්නවා.එහෙම කාලයක් ගිහින් අර පිරිමි ළමය කියනවා අපි මේ ආදරේ නවත්තමු අපිට එකතුවෙන්න ලැබෙන්නේ නෑ කියල.ඒක අහල ගැණු ළමය ගොඩක් දුක් වෙනවා.පිරිමි ළමයත් ඒක කියල තියෙන්නේ ගොඩක් වේදනාවකින්.අදටත් එයා කියල නෑ හරියටම හේතුව.පොඩි පොඩි හේතු කිව්වට.ඔහොම කාලය ගත වෙලා යනවා ඒත් දෙන්නගේ යාළුකම නැති වෙන්නේ නෑ.ඔහොම ඉන්න අතරේ අර පිරිමි ළමය වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒක අර ගැණු ළමයාගෙන් හංගගෙන ටික කාලයක් ඉදල එයාට ඒක කියනවා.එයා ගොඩක් දුක් වෙනවා.ඒ බව දැන දැන ම එදෙන්න යාලුවෝ වගේ ඉන්නවා.ගොඩක් හොද යාලුවෝ වගේ හැමදේම කියන්නේ එදෙන්න ඒ දෙන්නට ප්‍රස්නයක් දුකක් සතුටක් ඇති ඉස්සලම කියන්නේ එදෙන්න එදෙන්නට ඔහොම ටික දවසක් යනකොට ඒ ගැණු ළමයට ගෙදරින් Proposal එකක් ගේනවා.ඒකට හැමෝම කැමති වෙනවා. ටික දවසක් යනකොට යාලුවෝ දෙන්න ගොඩක් රණ්ඩු වෙනවා තරහ වෙනවා බැනගන්නවා.ඒත් අන්තිමට ගොඩක් රණ්ඩු වෙලා තරහ වෙනවා.ඒත් යාළුවා නැතුව ඉන්න අමාරු නිසා පිරිමි ළමය එයාගෙන් සමව ඉල්ලනවා ඒත් ඒ ගැණු ළමය තවමත් එයාට සමාව දෙන්නේ නෑ. එයා තම බලා ඉන්නවා සමාව දෙනකන්.
ඒක්කෙනක් අතින් උන වැරදි පිලි අරන් සමාව ගත්ත ඒක වැරදිද.වැරද්දක් උනාම සමාව ගත්තම එයාට සමාව නොදෙන්නේ පළි ගන්නද?

මට නම් හිතෙන්නේ පළි ගන්න වෙන්නත් පුළුවන් හිතේ දුකට වෙන්නත් පුළුවන්. මොනදේ උනත් ගොඩක් හොද යාලුවෝ මොන ප්‍රස්නේ අවත එයාලගේ යාළුකම අමතක කරන්න හොද නෑ.

Wednesday, June 22, 2011

සුභපතමි නුඹෙ සොදුරු ගමනට.....

අපේ අතැගිලි පටලවාගෙන
සිටිය කාලය නුඹට මතකද........?
නුඹේ උරමත හිස තියාගෙන
දෙඩූ පෙම්බස් නුඹට මතකද.....?
වෙන් වෙලා දැන් යන්න කාලය
කෙමෙන් අප වෙත ලගාවෙන බව
පිළිනොගත්තත් හදවතින් අද
වෙන්වෙලා යා යුතුය හෙට දින
ලගින් සිටි ඒ සොදුරු කාලය
යලිත් නොමඑයි අපේ අසලට
ලංවෙන්න නොහැකිමුත් අපහට
හදවතේ දුක රැදි ඇතිමුත්
සුභපතමි නුඹෙ සොදුරු ගමනට......!

Friday, September 10, 2010

වැදගත් වදන්..........

01. සෙමින් නමුත් ඉදිරියටම ගමන් කරන්න.
02. ඔබට යමක් කල හැකියයි විස්වාස කල හැකි නම්, ඔබට ඒ දෙය ඉ‍ටුකර ගත හැකිය.(Napoliyen Hill)

Wednesday, March 31, 2010

පුංචි කුමරියේ



හද මඩලේ දැවටෙන
පුංචි සුරංගනාවිය
එන්න මා ළගට
ඈතකට වී සිටින්නේ කිමද
ඔබේ ඔය වතකමල සිපගන්න
එන්න මා ලගට
ඔබේ මුවමඩලේ දෝංකාරය
මගේ දෙසවන පිනවයි
මගේම ආදර පුංචි කුමරියේ
එන්න මා අසලට මොහොතක්
සිත නිතරම සොයන්නේ ඔබ රුවයි
ඔබේ මුවමඩල සිපගන්න
මා අසලට එන්න
ජීවිතය ඇති තුරා
මා ලගම රැදෙන්නට එන්න
මගේ පුංචි කුමරියේ ආදරෙන් බලාසිටිමි
ඔබේ නිල්වන් දෑස දෙස
ආදරෙයි මගේ පුංචි කුමරියේ ඔබට මා

Saturday, March 27, 2010

එන්න මා ලගට..........



අද මම තනියම
මෙතනට වෙලා ඉන්නෙ
ඔබ මා ලගට එනකම්
ඉස්සර හැමදාම
ඔයා ලගට වෙලා
ආදරේ ගැන කතා කරපු හැටි
මෙතනට ආවම මට මතක් වෙනව
කවදාවත්
මාව දාලා යන්නෙ නෑ කිව්ව ඔයා
අද මාව දාලා ඈතකට ගිහින්
කවදාවත් ඔයාට
මගේ ලගට එන්න බැරි උනත්
මගේ හිත හැමදාම
ඔයා එනකන්
මග බලගෙන ඉන්නවා
ඒ මතකයත් හිතේ තියාගෙන.......

Sunday, January 24, 2010

කදුළ .........



සතුට ලගදී පමණක්
ලග නොඉද
දුක හමුවේද පලානොගොස්
ලගම ඉන්න නුඹ....
හිතට,
දුකක් දැනුනම
සතුටක් දැනුනම
හිත තුලින් ඇවිත්
ඈස් අගින් වැටෙන්නට
පෙරැම් පුරන නුඹ.....

Wednesday, November 18, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.