Wednesday, September 10, 2008

වැස්ස ගැන

මේ දවස් ටිකේම හොඳට වහිනවා ඉතින් මට හිතුන වැස්ස ගැන යමක් ලියන්න.

වැස්ස එක දිගට වහිනකොට මිනිස්සු කියන්නෙ "මොන කරදරයක්ද වහිනව වහිනව ඉවරයක්නෑ මොනවට වහිනවද කියල"
ඒත් එක දිගට සෑහෙන කාලයක් වැස්ස නැතුව පෑවුවොත් මිනිස්සු කියන්නෙ "වහින්නෙත් නෑ මොනවට මෙහෙම පායනවද කියල"
ගොඩක් වෙලාවට මෙහෙම කියන්නෙ වැස්ස අපට අවශ්‍ය දෙයක් නිසයි.එ වගේම තමයි එක දිගට වහින්න පටන් ගත්තොත් ගොඩක් කරදරයි.
ඒත් දැන් තියෙන කරදර ගොඩක් ඇතිකරගන්නෙ අපිමයි.පොඩ්ඩක් හිතල බලන්න.මාර්ගය දෙපස ඇති කානු පද්ධතිය දිහා.පොඩි වැස්සකටත් ඒව උතුරනව නේද?.හිතල බලන්න ඒකට වගකියන්න ඕන අපිම නේද?.තව දෙයක් තමයි පහත් බිම්(වගුරුබිම්) ගොඩකරන එක.වැහි වතුර ගලාගෙන ගිහිල්ල එකතු වෙන්නෙ වගුරු බිම් වලට නේද?.ඉතින් ඒ වගුරුබිම් ගොඩ කළාම වැහි වතුර ගලාගෙන ගිහින් රැදෙන්න තැනක් නැති වෙලා පහත් බිම් යට වෙනව.

එ වගේම තමයි කඳුකර ප්‍රදේශවල සිදු කරන වනාන්තර ගිණිතැබීම,ගස් කැපීම වැනි ක්‍රියාවන් නිසා නාය යාම්, දිය උල්පත් සිදී යාම වැනි දේ සිදු වෙනව.ගලාගෙන එන රොන්මඩ ගංඟා/ඇළදොළ/වැව් වල තැන්පත් වෙනව.ඒ හේතුව නිසා ගංඟා ඉක්මනින් පිටාර ගලනව.මේ දේවල් නවත්තන්න හැමෝම එකතු වෙන්න ඕන.හැමෝම එකතුවෙලා මේවට එරෙහිව නැගීහිටියොත් මේ දේවල් නවත්ත ගන්න අපට පුලුවන්.

සමාවෙන්න පටන්ගත්ත දෙයින් නෙමෙයි වෙන දෙයකින් ඉවර කළේ.......

ඔබ සිතන දේත් මෙයට එකතු කරන්න...

No comments: