Monday, December 1, 2008

අන්තර්ජාලයේ අසැබි වෙබ්අඩවි වලට වැට බැදීම

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය 2009 ජනවාරි පලමු දින සිට සියලුම අසැබි වෙබ්අඩවි අවහිර කරන්න යනව කියල දැනගන්න ලැබුන.එය අප අගය කළ යුතුයි.එමෙන්ම මෙවැනි නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව අප ජනපතිතුමන්ටද ස්තූතිය පළකල යුතුයි.එවැනි අඩවි තුලින් සමාජයට වන හානිය මින්පසු බොහෝ දුරට අඩුවේවි.මේ පිළිබඳව ඔබේ අදහස්ද එකතු කරන්න.

11 comments:

malee_msg said...

ඇත්තම කියනවා නම් අඩුවෙයිද වැඩි වෙයිද කියලයි මට සැක

දිලාන් said...

රජය ගත් ඒ ක්‍රියමාර්ගය නම් අගය කරන්න ඔනේ. විශේෂයෙනම එක අපේ ලමා පරපුරට හිතකර තිරණයක්.අනිවාරයයෙන්ම අසැබි වෙන් අඩවි භාවිතය අඩුවෙනවා. මොකද බ්ලොක් කරපු සයිට් වලට යන්න බැරි නිසා. එත් සමහර ක්‍රම තියෙනවා බ්ලොක් කරපුවාටත් යන්න පුලුවන්. හැබැයි ඒවාට මුදල් ඔනේ.

සරත් ගුණතුංග said...

ඒක බොහොම හොඳ අදහසක් කියල මමත් පිලිගන්නව. අසභ්‍ය අඩවි වලින් කුඩා ලමයි නොමඟ යන බව හොඳටම දන්නව. වැට බැඳලම බලන්න ඕන. විනාස වෙනව කියකිය නිකම් ඉන්නත් බැහැනේ. බටහිර රටවල් එක්ක බලන කොට ලංකාව තවම හොඳයි. අන්තර්ජාලය හොඳ වගේම නරකයි. නිකම් මූදෙ යනව වගේ. යන තැන, යන විදිය දන්නව නම් යන තැනට යන්න පුලුවන්. නැත්නම් SOS

Anonymous said...

අසැබි වෙබ් අඩවි අවහිර කිරීම නම් පැසසිය යුතු කටයුත්තක්. හැබැ‍යි මේකම ඉදිරියට
මතවාද, අදහස් මර්ධනයටත් යොදා ගනීද දන්නෙ නෑ.

ම.ම.ගි said...

මොනදේ වුනත් පමණට වඩා මර්ධනය කිරීම අනුමත කරන්න බැහැ. අනිවාර්යෙන් පොඩිහිටියන්ට නම් අසැබි වෙබ් අඩවි වලට යෑම අවහිර කළ යුතුමයි.

budhajeewa said...

ටෙලිකොම් එකෙන් බ්ලොක් කරන සයිටි වලට ප්‍රොක්‍සි සයිට් වලිනුත් යන්‍න පුළුවන් නිසා, ඒවත් බ්ලොක් කරයිද දන්නෙ නෑ.

ප්‍රොක්‍සි සයිටිස් බ්ලොක් කළොත්, ටැමිල්නෙට් යලල හමාරයි !

Chanaka Aruna Munasinghe said...

ගොඩාක් පොඩි ළමයින්ට මොකක් හරි දෙයක් එපා කිව්වොත් ඒක කොහොම හරි කරනවා. මේකටත් එහෙම වෙයිද දන්නෙ නැහැ

Chinthaka said...

අෙප් රටෙ ගණිකා වෘත්තිය තහනම්, අසැබි වීඩියේ පට තහනම්,ගංජා තහනම්,අරක තහනම්,ෙම්ක තහනම්,.......
හැබැයි අඩුවක් තියෙනවද?

මම අහපු විදියට වෙබ් අඩවි තහනම් කරනවා නෙවෙයි. බලන්න කැමති අයගෙන් ගාණක් අය කරනවා. මට නම් හිතෙන්නෙ ලමා පරපුර ගැන හිතනවට වඩා අ‍ාර්ථිකය ගැන හිතලා ගත්තු පියවරක්. වෙබ් අඩවි බලන ළමයිද වැඩි,වැඩිහිටි වෙබ් අඩවි බලන වැඩිහිටියොද වැඩි?

ශාකුන්තල | Shaakunthala said...

@Budhajeewa,
"ටෙලිකොම් එකෙන් බ්ලොක් කරන සයිටි වලට ප්‍රොක්‍සි සයිට් වලිනුත් යන්‍න පුළුවන් නිසා, ඒවත් බ්ලොක් කරයිද දන්නෙ නෑ."
Block proxies? Do they know the all addresses and ports of all the available proxies to block?
And.. It is not a big deal to create your own proxy hosted on a server located in a foreign country if your programming skills are good enough.

So no worries about TamilNet.

Harshana said...

මම නම් දකින්නෙ අපි තහනමක් දාල තියෙන කොට තමා ඒකෙන් රිංගන්න බොහෝ පිරිසක් පෙළබෙන්නෙ. නමුත් මම කියන්නෙ නෑ සම්පූර්ණයෙන්ම විවෘතව මේ දේවල් අනුමත කරන්න කියල. කෙසේ හෝ අපි ‍අම්මටයි තාතතටයි බයයි වගේ මේවැනි වෙබ් අඩවි වලට යන්නත් බයක් ගොඩනගාගත යුතුයි.

Kasun said...

මේකත් බලන්න.
http://webalochana.blogspot.com/2008/08/blog-post.html