Sunday, March 22, 2009

හිතන්න යමක්....................


ඊසොප්ගේ උපමා කතා.........


එකිනෙකාට අසල්වැසියන් ලෙස ජීවත්වූ ගෙම්බෝ දෙදෙනෙක් වූහ.එකෙක් ජීවත් වූයේ ගෙම්බන් මහත්සේ ප්‍රිය කරන ඇති තරම් වතුර ඇති වගුරු බිමකය.අනෙකා ජීවත් වූයේ වැහි වතුරෙන් කුඩා දියකඩිති පිරී ගිය එක්තරා මාර්ගයක මදක් නොදුරෙනි.
මඩ වගුරේ වැඩියෙන් වතුර ඇති ස්ථානයේ සිටි ගෙම්බා අනෙකාට අනතුරු ඇඟවීමක් කරමින් තමා සමඟ එකට ජීවත් වීමට වගුරු බිමට එන්නැයි ඉල්ලීමක් කළේය.එහි බොහෝ පහසුකම් ඇතිබවත් ඊටත් වඩා ආරක්ෂාව අතින් ඉතාම වැදගත් බවත් පෙන්වා දුන්නේය.
එහෙත් මාර්ගයේ වැහි දිය කඩිතිවල සිටි ගෙම්බා එය ප්‍රතික්ෂේප කළේය.තමා කාලයක් පුරුදු පුහුණු වූ සැප පහසු ස්ථානය හැර ඒමට නොහැකි බව ඌ කීවේය.
දින කීපයකට පසු බඩු ප්‍රවාහනය කරන විශාල වාහනයක් මාවත දිගේ පැමිණි අතර දිය කඩිති තම වාස භූමිය කරගත් ගෙම්බා රථයේ රෝද අතරට හිරවී තදවී අවසන් හුස්ම හෙළුවේය.

ආරක්ෂාව සැප පහසුවට වඩා අගනේය........

No comments: