Monday, July 7, 2014

ආදරය -ගෞරවය -යාළුවෝ 01

මේක මට හිතුන දෙයක් මේකෙ තියෙනදේ ගැන හිතන එක  ඔයාලටම බාරයි.

හැමෝම කරන ආදරය එක දෙයක් විදිහටයි මම දකින්නෙ.අපි ආදරය කරන එක එක අය ලගදි හැසිරෙන විදිහටයි ගෞරවකරන විදියටයි අපේ ආදරේ වෙනස අපිට දැනෙන්නෙ. අපි අම්මට, තාත්තට  ආදරය කරනවා ඒ වගෙම අපේ සහොදර සහෝදරියන්ට ආදරය කරනවා එකම ආදරයක් උනත් අපි ඒ ඒ අය ලගදි හැසිරෙන විදිහ ගෞරවකරන විදිහ වෙනස්.
අද සමාජයේ ගොඩාක් දූෂණ වලට මුල් වෙන්නෙ මෙන්න මේ එකිනෙකාට ගෞරව කරන එක නැති නිසයි තමන්ගෙ දරුවව දූෂණය කරන තාත්තල ඉන්නෙ, අම්මව ආච්චිව දූෂණය කරන දරුවන්ව ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති.
අපි යාළුවන්ට කරන ගෞරවේ ආදරේ වෙනස්, හොදම යාළුවන්ට කරන ගෞරවේ ආදරේ වෙනස් අපි එයාලා ලග ඉන්න විදිහ වෙනස්. හොදම යාළුවො අපේ ජීවිතේට එන්නෙ ගොඩාක් ටික දෙනයි, සමහරවිට එක්කෙනෙක් විතරයි.එහෙම කෙනෙක් අතරේ රහස් තියෙන්නෙ නෑ.ඕන එපා හැමදේම කතාකරනවා, කියවනවා, තරහ වෙනව එත් වැඩිවෙලාවක් එහෙම ඉන්න බෑ ආයෙත් යාළුවව ඕන වෙනවා.හොදම යාළුවෙක් දුක දැනුනම කවදාවත් දාලා යන්නේ නෑ.ඒ වගේම සතුටින් හිටියමත් එහෙමයි. යාළුවො නම් ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්ණයක් උනාම අපිව දාලා යනවා.හොදම යාළුවො අපේ ලගම ඉන්නව හැමදාම.

මතු සම්බන්දයි....

No comments: