Sunday, July 20, 2014

වෙන්වෙන්න කියන්න එපා.

හිනැහෙන්න මා ලගම
හැමදාම එක සිතින්
ආදරෙයි මං නුඹට
හැමදාම සත්තකින්....
ලග නැතත් ඔබ මගේ
මග බලන් ඉමි සදා
නුඹ යලිත් එනතුරා....
ආදරෙ නාමයෙන්
නුඹ නමට පිදූ ඒ
සෙනෙහසින් සිහිකරමි
මතක සැමරුම් අපේ.....
යලි එන්න මා වෙතට
ඈතකින් නොයිද ඔබ
රැකගනිමි පණ වගේ
සදා බැදි ආදරය.....
වෙන්වෙන්න නොහැක මට
මගේ සිත නුඹ ලගයි..
කෙදිනවත් නොහැක මට
මගේ සිත යලි ගන්න
ඔබයි මගෙ ජීවිතය
හැමදාම ලග ඉන්න....

===කණියා===

No comments: