Sunday, January 24, 2010
Wednesday, November 18, 2009
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්රකාශය
ශ්රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්රීසි හා දෙමළ යන ත්රෛ භාෂා මාධ්යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්යාග ප්රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්යාග ප්රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්රාහකයන්ගෙන් මුදල් අයකර ත්යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්යාගය වනුයේ සහතික
පත්රයක් වන අතර. මේ සහතික පත්රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්යමය
අනුග්රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

Sunday, May 17, 2009
වීරෝධාර රණවිරුවන්ට අපගේ උපහාරය........
අද අපේ රටට වැදගත් දවසක් ඒ දවස අපට උදාකල අපේ ආරක්ෂක හමුදාව ඇතුලු සියලු දෙනාට අපගේ උත්තමාචාරය...
Tuesday, May 5, 2009
Monday, March 23, 2009
ලෝක ආර්තික අර්බුදය සහ ධනවතුන්...
පසුගිය වසරේදී ලොව කෝටිපතියන් අතර ඉදිරියෙන් සිටි බොහෝ දෙනෙක් ලෝක ආර්තික අර්බුදය සමග පහත වැටී ඇත.

මේ වන විට ලෝක ධනවතුන්ගේ ලේඛනයේ ඉදිරියෙන් සිටින්නේ බිල් ගේට්ස්ය ඒ ඔහු ඩොලර් බිලියන 18ක අලාබයක් ලබමිනි.

මේ අතර දෙවන ස්ථානයට පැමිණ සිටින්නේ ගියවර පළමු ස්ථානයේ සිටි වොරෙන් බෆෙට් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමිනි.
ගියවර දෙවන ස්ථානයේ සිටි ස්ලිම් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමින් තෙවන ස්ථානයට පැමිණ ඇත.

ආයුබෝවන්.....
කාලෙකින් වැඩ පොඩ්ඩක් අඩුවුන හින්ද ඔන්න මම ආයෙත් ලියන්න පටන් ගන්න හදන්නේ.වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න.පුලුවන් වුන හැම වෙලාවෙම ලියන්නම්.
Sunday, March 22, 2009
හිතන්න යමක්....................
ඊසොප්ගේ උපමා කතා.........
එකිනෙකාට අසල්වැසියන් ලෙස ජීවත්වූ ගෙම්බෝ දෙදෙනෙක් වූහ.එකෙක් ජීවත් වූයේ ගෙම්බන් මහත්සේ ප්රිය කරන ඇති තරම් වතුර ඇති වගුරු බිමකය.අනෙකා ජීවත් වූයේ වැහි වතුරෙන් කුඩා දියකඩිති පිරී ගිය එක්තරා මාර්ගයක මදක් නොදුරෙනි.
මඩ වගුරේ වැඩියෙන් වතුර ඇති ස්ථානයේ සිටි ගෙම්බා අනෙකාට අනතුරු ඇඟවීමක් කරමින් තමා සමඟ එකට ජීවත් වීමට වගුරු බිමට එන්නැයි ඉල්ලීමක් කළේය.එහි බොහෝ පහසුකම් ඇතිබවත් ඊටත් වඩා ආරක්ෂාව අතින් ඉතාම වැදගත් බවත් පෙන්වා දුන්නේය.
එහෙත් මාර්ගයේ වැහි දිය කඩිතිවල සිටි ගෙම්බා එය ප්රතික්ෂේප කළේය.තමා කාලයක් පුරුදු පුහුණු වූ සැප පහසු ස්ථානය හැර ඒමට නොහැකි බව ඌ කීවේය.
දින කීපයකට පසු බඩු ප්රවාහනය කරන විශාල වාහනයක් මාවත දිගේ පැමිණි අතර දිය කඩිති තම වාස භූමිය කරගත් ගෙම්බා රථයේ රෝද අතරට හිරවී තදවී අවසන් හුස්ම හෙළුවේය.
ආරක්ෂාව සැප පහසුවට වඩා අගනේය........
Monday, December 1, 2008
අන්තර්ජාලයේ අසැබි වෙබ්අඩවි වලට වැට බැදීම
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය 2009 ජනවාරි පලමු දින සිට සියලුම අසැබි වෙබ්අඩවි අවහිර කරන්න යනව කියල දැනගන්න ලැබුන.එය අප අගය කළ යුතුයි.එමෙන්ම මෙවැනි නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව අප ජනපතිතුමන්ටද ස්තූතිය පළකල යුතුයි.එවැනි අඩවි තුලින් සමාජයට වන හානිය මින්පසු බොහෝ දුරට අඩුවේවි.මේ පිළිබඳව ඔබේ අදහස්ද එකතු කරන්න.
Monday, October 27, 2008
ලේන් පැටියා......
පරිඝණකය ඉස්සරහ වාඩි වෙනකොටම කුරුල්ලො කෑගහන්න පටන් ගත්ත.මම කරන්න පටන් ගත්ත වැඩේ පැත්තකට දාල ගියා මොකද කියල බලන්න.ගෙදර ඉන්න බල්ල ලේන් පැටියෙක් අල්ලගෙන.ඉක්මනින් ලේන් පැටියව බේර ගෙන වතුර ටිකක් දීල පොඩි වෙලාවක් තියාගෙන හිටිය.ඌ බයෙන් ගැහෙනව.කකුළ කුත් තුවාල වෙලා.ටික වෙලාවකින් ඌ ඇග දිගේ දුවන්න පටන් ගත්ත.ඊට පස්සෙ ගහකින් තියපු ගමන් ඌ දුවන්න පටන් ගත්ත.ඒ වෙලාවෙ නම් ගොඩක් සතුටු උනා.කාලෙකින් ඒ වගේ පිනක් කර ගන්න හමබ වුන නිසා.ලේන් පැටියව මතක් වෙන්න මම පොටෝ දෙකක් ගත්ත මේ තියෙන්නෙ ඒව.දකින හැම වෙලාවෙම ගොඩක් සතුටක් දැනෙනව.
Monday, September 22, 2008
ඔබ වෙනුවෙන් අපි
දැනට මාස කීපයකට කලින් විශේෂ උත්සවයක් පැවැත්වුනා මාපාකඩ කියන ගමේ මට හිතුන ඒගැන යමක් ලියන්න.
මාපාකඩ කියන්නෙ මහියංගණයේ ඉදන් බදුල්ල/බිබිල මාර්ගයේ ටික දුරක් ගියාම හම්බ වෙන ගමක්.මේ උත්සවය පැවැත්වුනේ ප්රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට.මේ උපහාර උළෙල නම් කරල තිබුනෙ "ඔබ වෙනුවෙන් අපි" කියල.ප්රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට මාපාකඩ ශ්රී සුදර්ශණාරාම විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කරන්න මූලිකව කටයුතු කළේ මාපාකඩ පේමරතන හිමියනුයි.ඒ උන්වහන්සේගේ උපන් දිනය වෙනුවෙන්.මෙම උපහාර උළෙලේ විදෘශ්ය දර්ශන (video) ඔබට පහත වෙබ් ලිපිනයෙන් බලාගන්න පුලුවන්.
www.mapakada.magnify.net

Subscribe to:
Posts (Atom)