Sunday, May 17, 2009
වීරෝධාර රණවිරුවන්ට අපගේ උපහාරය........
Tuesday, May 5, 2009
Monday, March 23, 2009
ලෝක ආර්තික අර්බුදය සහ ධනවතුන්...

මේ වන විට ලෝක ධනවතුන්ගේ ලේඛනයේ ඉදිරියෙන් සිටින්නේ බිල් ගේට්ස්ය ඒ ඔහු ඩොලර් බිලියන 18ක අලාබයක් ලබමිනි.

මේ අතර දෙවන ස්ථානයට පැමිණ සිටින්නේ ගියවර පළමු ස්ථානයේ සිටි වොරෙන් බෆෙට් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමිනි.
ගියවර දෙවන ස්ථානයේ සිටි ස්ලිම් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමින් තෙවන ස්ථානයට පැමිණ ඇත.
ආයුබෝවන්.....
Sunday, March 22, 2009
හිතන්න යමක්....................
ඊසොප්ගේ උපමා කතා.........
එකිනෙකාට අසල්වැසියන් ලෙස ජීවත්වූ ගෙම්බෝ දෙදෙනෙක් වූහ.එකෙක් ජීවත් වූයේ ගෙම්බන් මහත්සේ ප්රිය කරන ඇති තරම් වතුර ඇති වගුරු බිමකය.අනෙකා ජීවත් වූයේ වැහි වතුරෙන් කුඩා දියකඩිති පිරී ගිය එක්තරා මාර්ගයක මදක් නොදුරෙනි.
මඩ වගුරේ වැඩියෙන් වතුර ඇති ස්ථානයේ සිටි ගෙම්බා අනෙකාට අනතුරු ඇඟවීමක් කරමින් තමා සමඟ එකට ජීවත් වීමට වගුරු බිමට එන්නැයි ඉල්ලීමක් කළේය.එහි බොහෝ පහසුකම් ඇතිබවත් ඊටත් වඩා ආරක්ෂාව අතින් ඉතාම වැදගත් බවත් පෙන්වා දුන්නේය.
එහෙත් මාර්ගයේ වැහි දිය කඩිතිවල සිටි ගෙම්බා එය ප්රතික්ෂේප කළේය.තමා කාලයක් පුරුදු පුහුණු වූ සැප පහසු ස්ථානය හැර ඒමට නොහැකි බව ඌ කීවේය.
දින කීපයකට පසු බඩු ප්රවාහනය කරන විශාල වාහනයක් මාවත දිගේ පැමිණි අතර දිය කඩිති තම වාස භූමිය කරගත් ගෙම්බා රථයේ රෝද අතරට හිරවී තදවී අවසන් හුස්ම හෙළුවේය.
ආරක්ෂාව සැප පහසුවට වඩා අගනේය........
Monday, December 1, 2008
අන්තර්ජාලයේ අසැබි වෙබ්අඩවි වලට වැට බැදීම
Monday, October 27, 2008
ලේන් පැටියා......
Monday, September 22, 2008
ඔබ වෙනුවෙන් අපි
මාපාකඩ කියන්නෙ මහියංගණයේ ඉදන් බදුල්ල/බිබිල මාර්ගයේ ටික දුරක් ගියාම හම්බ වෙන ගමක්.මේ උත්සවය පැවැත්වුනේ ප්රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට.මේ උපහාර උළෙල නම් කරල තිබුනෙ "ඔබ වෙනුවෙන් අපි" කියල.ප්රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට මාපාකඩ ශ්රී සුදර්ශණාරාම විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කරන්න මූලිකව කටයුතු කළේ මාපාකඩ පේමරතන හිමියනුයි.ඒ උන්වහන්සේගේ උපන් දිනය වෙනුවෙන්.මෙම උපහාර උළෙලේ විදෘශ්ය දර්ශන (video) ඔබට පහත වෙබ් ලිපිනයෙන් බලාගන්න පුලුවන්.
www.mapakada.magnify.net
Wednesday, September 10, 2008
වැස්ස ගැන
මේ දවස් ටිකේම හොඳට වහිනවා ඉතින් මට හිතුන වැස්ස ගැන යමක් ලියන්න.
වැස්ස එක දිගට වහිනකොට මිනිස්සු කියන්නෙ "මොන කරදරයක්ද වහිනව වහිනව ඉවරයක්නෑ මොනවට වහිනවද කියල"
ඒත් එක දිගට සෑහෙන කාලයක් වැස්ස නැතුව පෑවුවොත් මිනිස්සු කියන්නෙ "වහින්නෙත් නෑ මොනවට මෙහෙම පායනවද කියල"
ගොඩක් වෙලාවට මෙහෙම කියන්නෙ වැස්ස අපට අවශ්ය දෙයක් නිසයි.එ වගේම තමයි එක දිගට වහින්න පටන් ගත්තොත් ගොඩක් කරදරයි.
ඒත් දැන් තියෙන කරදර ගොඩක් ඇතිකරගන්නෙ අපිමයි.පොඩ්ඩක් හිතල බලන්න.මාර්ගය දෙපස ඇති කානු පද්ධතිය දිහා.පොඩි වැස්සකටත් ඒව උතුරනව නේද?.හිතල බලන්න ඒකට වගකියන්න ඕන අපිම නේද?.තව දෙයක් තමයි පහත් බිම්(වගුරුබිම්) ගොඩකරන එක.වැහි වතුර ගලාගෙන ගිහිල්ල එකතු වෙන්නෙ වගුරු බිම් වලට නේද?.ඉතින් ඒ වගුරුබිම් ගොඩ කළාම වැහි වතුර ගලාගෙන ගිහින් රැදෙන්න තැනක් නැති වෙලා පහත් බිම් යට වෙනව.
එ වගේම තමයි කඳුකර ප්රදේශවල සිදු කරන වනාන්තර ගිණිතැබීම,ගස් කැපීම වැනි ක්රියාවන් නිසා නාය යාම්, දිය උල්පත් සිදී යාම වැනි දේ සිදු වෙනව.ගලාගෙන එන රොන්මඩ ගංඟා/ඇළදොළ/වැව් වල තැන්පත් වෙනව.ඒ හේතුව නිසා ගංඟා ඉක්මනින් පිටාර ගලනව.මේ දේවල් නවත්තන්න හැමෝම එකතු වෙන්න ඕන.හැමෝම එකතුවෙලා මේවට එරෙහිව නැගීහිටියොත් මේ දේවල් නවත්ත ගන්න අපට පුලුවන්.
සමාවෙන්න පටන්ගත්ත දෙයින් නෙමෙයි වෙන දෙයකින් ඉවර කළේ.......
ඔබ සිතන දේත් මෙයට එකතු කරන්න...
Thursday, September 4, 2008
GOOGLE CHROME

Google Chrome යනු ගූගල් වෙතුන් හඳුන්වා දෙන නවතම වෙබ් බ්රවුසරයයි.නිදහස් හා විවෘත්ත කේත වෙබ් බ්රවුසරයක් ලෙස ගූගල් සමාගම නිර්මාණය කර ඇත.
මයික්රෝසොෆ්ට් වින්ඩොස් සදහා මෙහි අනුවාදයක් 2008 සැප්තැම්බර් 03 වන දින භාෂා 43 කින් ගූගල් සමාගම විසින් නිකුත් කරනු ලැබීය.
එහි රූපයක්භාගත කිරීමට
http://www.google.com/chrome ඔබන්න.
බ්ලොග් සටහන් සඳහා
http://blogoscoped.com/
ගූගල් ක්රෝම් (Google chrome) උපදෙස් හා උපක්රම :
- Control + Shift + N : Opens the famous “incognito” windows. Thanks to it you will be able to surf without leaving any footprint on your PC (cookes, history etc.)
- You can also open a website in an “incognito” window by right-clicking on a link and selecting: Open link in incognito window.
- Alt + Home : Loads your Google Chrome home page along with thumbnails of your most visited sites.
- Control + T : Opens a new Tab.
- Control + Shift + T : Opens your most recently closed tab. Press this key combination again to open the tab closed before the one you just opened.
- Control + 1, Control + 2, Control + 3, etc. : Lets you jump to different tabs.
- Control + Tabs : Lets you open tabs in order.
- As in Fireofx 3, you can drag a link onto a tab to it , or drop it between two tabs to open a new tab.
- Control +B : Hides or shows the bookmark’s bar.
- Control + H : Opens the History page.
- Control + J : Opens the download page.
- To delete an item from the download page, right-click on the selected item and click Remove.
- Right-click the top of the browser window, select Task manager to find out how much memory tabs and plug-ins are taking from your computer to work. Select one of them and click End process to stop it running.
- About:plugins (write it in the address bar): Lets you see what plug-in you are using.
- About:crash (write it in the address bar): Lets you see what a crashed tab looks like.
- To know more information about Google Chrome you can also type in the address bar the following commands: about:stats, about:network, about:histograms, about:memory, about:cache, about:dns, about:internets.
- To delete all of your data stored into Google Chrome: click the Tools icon and select Clear browsing data…
- Shift + Escape: Lets you bring up the Google Chrome Task manager.








